Local

වට්ස්ඇප් පණිවිඩයකින් කුරුලු කූඩු 40ක් කැඩූ ගුරුවරියට දෙමව්පියන්ගේ විරෝධය !

“සතුන්ගේ වාසස්ථාන” පිළිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම් සඳහා කුරුලු කූඩුවක්ද රැගෙන පාසලට එන්නැයි තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් යොමු කළ වට්ස්ඇප් පණිවුඩයකට ප්‍රතිචාර ලෙස ඊට පසුදා දරුවන් හතළිස් දෙනකු පමණ කුරුලු කූඩුද රැගෙන පන්තියට පැමිණ ඇතැයි වාර්තා වේ.

එම ගුරුවරිය කුරුලු කූඩුවක් රැගෙන එන්නැයි දරුවන් හැටදෙනෙකුට පමණ වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් යොමු කර ඇත.

ඉන් දරුවන් හතළිස් දෙනෙකු පමණ කුරුලු කූඩුද රැගෙන පාසලට පැමිණ තිබේ.

කුරුලු කූඩුවද රැගෙන තම දරුවන් පන්ති කාමරයට ඇරලවීමට පැමිණි මව්පියන් පන්ති කාමරය තුළ කුරුලු කූඩු විශාල සංඛ්‍යාවක් තිබෙනු දක්නට ලැබීමත් සමඟ ගුරුවරියගේ ක්‍රියාකලාපයට දැඩි විරෝධයක් එල්ල කර ඇත.

ස්වාභාවික පරිසරයේ ඇති කුරුලු කූඩු පිළිබඳ දරුවන්ට කියා දීමට ඒවා මේ අයුරින් කඩා විනාශ කිරීමට දරුවන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් මව්පියන් සිය කණස්සල්ල පළකර තිබේ.

ගුරුවරියකගේ මේ අනුවණ ක්‍රියාකලාපය හේතුවෙන් දරුවන් ස්වාභාවික පරිසරය පිළිබඳ ඉගෙන ගැනීම කෙසේවෙතත් කුඩා කාලයේදීම සත්ත්ව හිංසනය හා අපරාධමය ක්‍රියාවන් සඳහා පෙළඹවීමක් සිදුවන බව පවසමින් එම සිදුවීම සම්බන්ධයෙන් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමටද මව්පියන් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලිසේන පවසා ඇත්තේ, මේ පිළිබඳ සොයා බලන බවයි.

කුඩා දරුවන් තාර්කිකව සිතනවාටත් වඩා ගුරුවරු පවසන දේ පිළිගැනීමට පෙළඹී ඇති නිසා දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මීට වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරි හෙට්ටිගේ පවසා ඇත.

පරිසරයේ පවතින කුරුලු කූඩු අතහැර දැමූ හෝ බිත්තර දැමීම සඳහා කුරුල්ලන් අලුතින් ඉදිකළ කූඩුද විය හැකි නිසා එවන් කූඩුවක් එම ස්ථානයෙන් ඉවත් කිරීම පිළිබඳ ගුරුවරු සතුව පොත පතේ දැනුමට වඩා පරිසරය ගැන අත්දැකීම්වලින් ලබාගත් දැනුමක් පැවැතිය යුතු යැයිද මහාචාර්යවරයා පෙන්වා දී තිබේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසා ඇත්තේ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා ආඥා පනතේ 31 වැනි වගන්තිය ප්‍රකාරව කුරුලු කූඩු කැඩීම, ගලවා ඉවත් කිරීම හෝ විනාශ කිරීම නීතියෙන් වරදක් බවය.

එම පනත ප්‍රකාරව කුරුලු කූඩුද ආරක්ෂිත බව ඔහු පෙන්වා දී ඇත.

Team CNF

View Comments

  • මේවගේ දේවල් වලින් පෙන්නුම් කරන්නේ රටේ අද්‍යාපනය ලැබූ අයවත් තම පරිසරය ස්වභාව දහම පිලිබඳව ඇති දැනීමේ තරම.. සංවේදී බව මේවා දඬුවම් කරලා විසඳන්න බැහැ.. රටේ සියළුම දෙනාට පරිසරය සහ ස්වභාව දහමේ ඇති වටිනාකම් පිලිබව අද්‍යාපනයක්‌ ලබා දීම.. මගේ නිවස යාබද නිවසේ සිටින්නේ ආචාර්ය උපාදි ලබාගත් දෙපොළක්‌ නමුත් වරක් අප වත්ත සුද්ද කර plastic වගේ දේවල් එකතු කර bag එකකට දමා වෙන්කර තැබුවා නගර සභාවෙන් කුණු එකතු කරන අයට අරන් යන්න. ඒක දැකපු අර ඉහත කී උගත් කාන්තාව කිව්වා ඔය plastic පුච්චලා දාන්න කියලා.. එහෙමයි ඒ ගොල්ලන්ගේ අවබෝදය පරිසරය පිලිබඳව..

    • උගතුන් සියලු විට බුද්ධිමතුන් නොවන බවට උදාහරණ යක් ඔබතුමා ඉදිරිපත් කලේ

  • අද දරැවන්ට මූලින්ම ඉගැන්විය යුත්තේ මානූෂීය ගුණධර්ම.ගහකොළ ට සතුන්ට ආදරය නොකරන සමාජයක් බිහිවීමේ වරදට මූලින්ම වගකිව යූත්තේ..දෙමව්පියන් සහ ගුරුවරුන්..
    උගත්කම පමනක් උකහාගත් දරුවන් ලොවට වැඩදායක නැත්නම් තර්ජනයක් දැයි තේරැම් ගැනීමට. උදාහරණ අනවශ්‍ය යි

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago