Local

බදුල්ල උණුසුම් කරමින් ඇවිළීගිය බස් වළිය !

බදුල්ල -මුත්තෙටුවේගම අතර ධාවනය වන පුද්ගලික බස් රථයක සේවකයන් හා එම මාර්ගයේම ධාවනය වන ලංගම බස්රථයක සේවකයන් අතර අද (25) සවස බදුල්ල මධ්‍යම බස්නැවතුම්පොළේදී ගැටුමක් ඇතිවුණි.

එහිදී තුවාල ලැබූ  ලංගම සේවකයින් දෙදනෙක් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කළ අතර පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලික බස්රථයේ රියදුරු සහ සහායකව අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.

බස්රථ ධාවන වේලාව පිළිබඳ ඇතිවූ බහින්බස්වීමක් සමග පුද්ගලික බස්රථයේ රියදුරු විසින් ලංගම බස්රථයේ රියදුරාට  සහ කොන්දොස්වරයාට පිහියකින් ඇන තුවාල සිදුකර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

මේ සිද්ධියෙන් පසුව ලංගම සේවක පිරිසක් පුද්ගලික බස්රථයක පහරදී අලාභ හානි සිදුකර ඇති අතර මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago