Local

McDonald’s අවන්හල් පවත්වාගෙන යාම තහනම් කරයි !

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවත්වාගෙන යන මැක්ඩොනල්ඩ් (McDonald’s) අවන්හල් 12ක් පවත්වාගෙන යෑම ලබන 4 වැනිදා දක්වා වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පිසූ ආහාර අලෙවිය සම්බන්ධයෙන් ලොව පුරා කීර්තියක් දිනාගත් සිය අවන්හල් ජාලයේ වෙළඳ නාමය යටතේ පවත්වාගෙන යන එම අවන්හල් ගිවිසුම් ප්‍රකාරව පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි McDonald’s මව් සමාගම චෝදනා කරන්නේ.

ඒ අනුව මව් සමාගම එකී ගිවිසුම් අවලඅංගු කරමින් සිදුකළ පැමිණිල්ලක් සලකා බලමින් විනිසුරුවරයා McDonald’s අවන්හල් පවත්වාගෙන යාම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

අඩුපාඩුකම් අවම කර ප්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙසට කළ දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැර තවදුරටත් කටයුතු කිරීම නිසා පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකී බලයලත් අලෙවිකරුවන් සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුම් අවසන් කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා අධිකරණයට පැවසීය.

අන්තර්ජාලයට අනුව, මෙරට මැක්ඩොනල්ඩ්ස් නියෝජිතායතනය වන්නේ අබාන්ස් සමාගමට අනුබද්ධිත අබාන්ස් රෙස්ටුරන්ට් සිස්ටම් ආයතනයයි.

ඒ අනුව අබාන්ස් ආයතනය විසින් මෙතෙක් පවත්වාගෙන ගිය මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය මේ වන විට මව් සමාගම විසින් ඉවත් කරමින් පවතින අතර නැවත දැනුම් දෙන තුරු අදාළ අවන්හල් වසා තැබීමට තීරණය කොට තිබෙනවා.

Team CNF

View Comments

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago