ලබන කන්නයේ සිට ගොවීන්ට මහ පාරේ වී වේලීමට ඉඩ ලබා නොදෙන ලෙස මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.අකිලේන්ද්‍රන් මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ලිපියක් ඉදිරිපත් කරමින් තොරතුරු දක්වා තිබෙනවා.
මාර්ගවල ගොවීන් වී වේලීම නිසා මාර්ගවල ඉඩකඩ සීමිත වීම නිසා රථ වාහන අනතුරු බහුල වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ මේ හේතුවෙන් මෙම කන්නයේ දී පමණක් උතුරු පළාත් තුළ පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත් අව් රශ්මිය මහපාරේ තාර විශේෂ සමග රත් වූ විට මිනිස් සිරුරට අහිතකර කැඩ්මියම් ඇතුළු තවත් රසායන ද්‍රව්‍ය කීපයක් වී සමග එකතු වී එම රසායන ද්‍රව්‍ය සහල් සමගද මූසු වන බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ සියළුම රසායන ද්‍රව්‍ය පිලිකාකාරක රසායන ද්‍රව්‍ය බැවින් නිලධාරීන් හා ජනතාව ඒ පිළිබදව දැඩි අවදානයකින් යුතුව පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්…
පුද්ගලයන් 11 දෙනෙක් රැගත් ට්‍රැක්ටරයක් කාර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය අසළ පාලමක් මතින් ගමන්…
පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…