Local

රුසියාවට සහ බෙලරුසියාවට ඔලිම්පික් තහනම් වෙයි !

2024 පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොවන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.
2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ දෙරටේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ක්‍රීඩා උළෙල තහනම් කරන ලදී.

කෙසේ වෙතත්, ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන රුසියාවේ සහ බෙලරුස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රටක් නියෝජනය නොකර මධ්‍යස්ථ ලෙස තරඟ කළ හැකිය.

ඔවුන් සමාප්ති උත්සවයේ කොටස්කරුවන් වීම පිළිබඳව පසුව තීරණයක් ගනු ඇත.

“ඔවුන් තනි තනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැවින් ඔවුන් සමාරම්භක උත්සවයට සහභාගී වන්නේ නෑ. නමුත් ඔවුන්ට එම ඉසව්වට සහභාගී වීමට අවස්ථාවක් සලසනවා” අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව පැවසුවේය..

මේ වන විට 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති රුසියානු විදේශ ගමන් බලපත්‍රයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 ක් සහ බෙලාරුසියානු විදේශ ගමන් බලපත්‍රයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙක් ඔලිම්පික් ක්‍රීඩා ඉසව් සඳහා එක්වන අතර ඔවුන් තනි මධ්‍යස්ථ පුද්ගලයින් ලෙස සලකන බව ඔලිම්පික් කමිටුව අවධාරණය කරයි.

පැරිසියේ පැවැත්වෙන මෙම ගිම්හාන ක්‍රීඩා සඳහා එක්වන රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ රටේ ජාතික කොඩිය, ලාංඡනය ප්‍රදර්ශනය නොකර තරග කිරීමත්, එම රටවල ජාතික ගීතය වාදනය නොකිරීමත් ඔවුන් තරගාවලියට ඇතුළත් කරගනු ලබන කොන්දේසිවලට ඇතුළත් වේ.

ඔලිම්පික් ප්‍රධානීන් රුසියානු ක්‍රීඩිකාවන්ට සමාරම්භක උත්සවය තහනම් කිරීමෙන් දිනකට පසු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට රුසියාව තම කෝපය ප්‍රකාශ කළේය.

ඊයේ රුසියාව නිවේදනයක් නික්තු කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා කීවේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පනවන ලද පෙර නොවූ විරූ වෙනස් කොට සැලකීමේ කොන්දේසි ගැන රුසියාව කෝපයට පත් වී සිටින බවය.

ඊට පිළිතුරු වශයෙන් 2026 ශීත ඍතු ක්‍රිඩා උළෙල ‘මිත්‍රත්ව ක්‍රීඩා’ ලෙස පැවැත්වීමට රුසියාව සැලසුම් කරමින් ඇත. 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන් පසුව සෝවියට් සංගමය සහ තවත් රටවල් අටක් විසින් පළමු මිත්‍රත්ව ක්‍රීඩා උළෙල සංවිධානය කරන ලදී.

මෙම සැලසුමට ප්‍රතිචාර දක්වමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පැවසුවේ රුසියාවේ මෙම සැලසුම “ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමේ නරුම උත්සාහයක්” බවය.

මේ ප්‍රයත්නයට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සිය බලවත් විරෝධය පල කරන්නේ එම ක්‍රීඩා උත්සව සැලැස්ම “ඔලිම්පික් ප්‍රඥප්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්” බව කියමිනි.

පසුගිය සතියේ, ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිතායතනය, ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පැවති රැස්වීමේදී මෙම ක්‍රීඩා උළෙල අනුමත නොකරන බවත් ලෝක තහනම් උත්තේජක මර්දන නීති සංග්‍රහයේ ආරක්ෂාව යටතේ මිත්‍රත්ව ක්‍රීඩා උළෙල නොපැවැත්වෙන බැවින් ක්‍රීඩකයන්ගේ “සෞඛ්‍යය සහ සාධාරණත්වය” අවදානමට ලක්විය හැකි බවත් පවසා තිබිණි. .

රුසියානු රජය “ගෝලීය තහනම් උත්තේජක විරෝධී ප්‍රමිතීන්ට සහ තරඟවල අඛණ්ඩතාවට පූර්ණ අගෞරවයක්” පෙන්වන බව මේ අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරන්නේය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago