Local

බාර් ලයිසන් සම්බන්ධව සජිත් ප්‍රේමදාසට සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් පිළිතුරු ලබාදෙයි !

එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් දෙන්නට සැලසුම් කර ඇති බවත් ඉන් 12ක් මේ වන විටත් ලබා දී ඇති බවත් ඒ සඳහා කෝටි 2ක කප්පම් මුදලක් ලබා ගැනීමක් සිදුවන බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බලවත් කණගාටුව පලකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් අවම කිරීම සඳහා මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදු කළ බවයි. එම බලපත්‍ර නිකුත් කිරීම බලපත්‍ර නිකුත් කිරීමේ මාර්ගෝපදේශ හා රේගුලාසි යටතේ පමණක් සිදුකර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඒ අනුව අදාළ නීත්‍යානුකූල ගාස්තු පමණක් අයකරමින් නව බලප්ත්‍ර නිකුත් කර ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වෙනත් කිසිඳු අයථා ගාස්තුවක්, කප්පම් මුදලක් හෝ වෙනත් නීති විරෝධී මුදලක් අයනොකරනු ලබන බව මෙම නිවේදනයෙන් දක්වා තිබේ.

එබැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ලද අසත්‍ය හා අයුක්තිසහගත ප්‍රකාශය තරයේ ප්‍රතිෂේප කරන බවත්, එවැනි ප්‍රකාශ තුළින් සුරාබදු දෙපාර්තමේන්තුව ඉතා අසාධාරණ ලෙස අපකීර්තියට පත්කිරීම සහ අපහසුතාවයට පත්කිරීමට කටයුතු කිරීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව කණගාටුව පලකරන බව නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago