Local

දේශබන්දුට එරෙහිව හිරුණිකා නඩු මඟට !

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති කාර්යාලයේ රාජකාරි කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළාය.

හිරුණිකා සිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

2022 මැයි 09 වන දින ගාලු මුවදොරදී සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුවකට අදාළව තෙන්නකෝන් සැකකරුවකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බව පෙත්සම්කාරිය සඳහන් කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් හිටපු හමුදා සෙබළෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කර ඇති බවද ඇය පෙන්වාදී තිබේ.

මෙම පත්කිරීම නීතියේ ආධිපත්‍යයට ඍජු ප්‍රහාරයක් එල්ල කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති පෙත්සම්කාරියට සහ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමක් සහ විශේෂයෙන්ම 41(වගන්තියේ) පැහැදිලි ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොසළකා හැරීමක් සිදුවන බවත් පෙත්සම්කාරිය වැඩිදුරටත් කියා සිටියි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago