මත්කුඩු පානය කර බස් රථ ධාවනය කළ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව වේල්ල වීදිය පොලිසිය පවසයි .
ඔවුන් ගම්පහ, මිනුවන්ගොඩ, කුරුණෑගල යන ප්‍රදේශවල අයවලුන් බවද පොලිසිය පැවසීය .
පිටකොටුව බැස්ටියෙන් මාවත සහ ගුණසිංහ පුර බස් නැවතුම්පොළ වලදී මෙම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් වයස අවුරුදු 30ත් 45 ත් අතර වියේ පසුවන්නන් බවද පොලිසිය කියා සිටී.
අත්අඩංගුවට ගත් බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කරමින් සිදු කළ පරීක්ෂා කිරීමේදී ඔවුන් සියලුම දෙනා දීර්ඝ කාලයක පටන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වූ බවද පොලිසිය පවසයි .
බස්නාහිර පළාත් බුද්ධිකොට්ඨාසයේ නිලධාරියෙකුට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…