කොළඹ නෙළුම් කුලුනේ අවහන්හලක පැවැති සාදයකට සහභාගී වූ දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 27 හැවිදිරි තරුණියක් සහ 22 හැවිරිදි තරුණයෙක්.
ඔවුන් සාදය අතරතුර දී මත්ද්‍රව්‍යයක් පානය කර ඇති බව සඳහන්.
එහි දී හදිසියේ රෝගාතුර වූ ඔවුන් දෙදෙනාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව ඔවුන් මිය ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මියගිය දෙදෙනාගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර ඇත්තේ, මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා විසින්.
ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකර එම වාර්තා ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර තිබෙනවා.
මේ අතර සිය දියණියගේ මරණය සැක සහිත බවයි, මරණකාරියගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
අදාළ සාදයේ දී මිය ගිය තරුණිය ඇතුළු හත් දෙනෙකු කිසියම් මත්ද්‍රව්‍යයක් ගත් බවයි, ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු පොලිසිය ප්‍රකාශ කර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…