World

ලොව පැරණිතම වනාන්තරය සොයා ගැනේ !

විද්‍යාඥයින් පිරිසක් විසින් පසුගියදා නිරිතදිග එංගලන්තයේ වෙරළ තීරයේ ගල්පරවලින් ලොව පැරණිතම පොසිල වනාන්තරය සොයාගෙන තිබෙනවා.

ඒ සමර්සෙට් හි මයින්හෙඩ් නගරය අසල උස් වැලිගල් සහිත කඳුකර ප්‍රදේශයකින්.

මෙම වනාන්තරය අයත් ව ඇත්තේ වසර මිලියන 390 කට පෙර කාලයට බව වාර්තා වන අතර කේම්බ්‍රිජ් සහ කාඩිෆ් විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් වැඩිදුරටත් පවසා තිබුනේ මෙය බ්‍රිතාන්‍යයේ මෙතෙක් හමු වූ පැරණිතම පොසිල ගස් වන අතර එය පෘථිවියේ පැරණිතම වනාන්තරය බවයි.

පර්යේෂකයන්ට අනුව සොයාගත් ගස් කැලමොෆයිටන් ලෙස හඳුන්වන අතර ඒවා තල් ගස්වල ට සමානයි. එසේම එහි විශාලතම ගස් වල උස ප්‍රමාණය දැක්වෙන්නේ මීටර් දෙකත් හතරත් අතරයි. ඒවායේ කොළ නොතිබී ඇති අතර අතු සියගණනක් එක්ව ආවරණය වී තිබී ඇත.

ගස් ක්‍රමයෙන් වැඩෙන විට අතු දිගහැරී ඇති අතර මෙමඟින් ජීවීන්ට වනාන්තර තට්ටුවේ ජීවත් වීමට උපකාර වී ඇති බවත් බීජ දරණ ශාක පරිණාමය වීමට හේතු වී ඇති බවත් සඳහන් වනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago