Local

තම දියණියට වසර 3 ක් තිස්සේ ලිංගික අතවර සිදු කළ පියෙකු අත්අඩංගුවට !

වසර තුනක කාලයක සිට සිය දියණිය සමග ලිංගිකව හැසුරුණු මුලතිව් සෙල්වපුරම් ගම්මානයේ පියෙකු මුලතිව් පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 34ක් වන මෙම පියා කම්කරුවකු වශයෙන් කටයුතු කරණ අතර මේ වන විට 11 වෙනි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවක් වන සිය දියණියට වසර තුනක් තිස්සේ ලිංගික අතවර සිදුකොට ඇති බවයි වාර්තා වෙන්නේ.

කම්කරු රැකියාවේ නිරත මොහු දෛනිකව ලැබෙන කුළී මුදලෙන් මත්පැන් පානය කොට නිවසට පැමිණෙන අතර ඔහු මුලින්ම දියණිය බියකොට ඇයව දූෂණය කොට තිබෙනවා.

පසුව දියණියගේ අකැමැතෙන් වුවද වසර තුනක් තිස්සේ ඇයට ලිංගික අතවර සිදු කොට ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති වාර්තා වෙන්නේ.

මේ පිළිබදව මවට ඇති වූ සැකයක් මත ඇය විමසිල්ලෙන් සිටි විට දෙදෙනා ලිංගිකව හැසිරෙමින් සිටියදී ඇගේ අතටම හසු වී ඇති අතර
ඇය මේ පිළිබදව මුලතිව් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ඔවුන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහ මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago