Local

පොලිස් ලොක්කගේ හැසිරීමෙන් ගමක් කුපිත වී ගුටි කෙලියක (VIDEO)

පුත්තලම උඩප්පුව පොලිසියේ නිලධාරියෙකු සිදුකළ පහරදීමකින් ප්‍රදේශවාසීන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහරදීමත් සමග ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලීසිය කැඳවීමත් පියවර ගැණුනි.

පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 9.30ට පමණ ගැටුමක් හටගෙන තිබුණේ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශවාසින් පිරිසක් අතරය.

පහරදීම සිදුකරන අවස්ථාවේ නිලධාරියා ඉතා අශෝභන ලෙස හැසිරෙමින් රැස්ව සිටි ජනතාවට පරුෂ වචනයෙන් බැණවදින අයුරු පුද්ගලයෙකු වීඩියෝගත කර තිබේ.

උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පහරදීම සිදුකරන්නේ අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණි මෝටර් රථයට ප්‍රදේශවාසීන් කෙළ ගැසූ බව පවසමිනි.

මෙම සිදුවීමත් සමග උඩප්පුව ප්‍රදේශයේ හටගත් නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා මුන්දලම පොලිසියේ නිලධාරීන් කැඳවා තිබුණි.

පහරදීමට ලක්වූ පුද්ගලයෙක්,

හෙඩ් ලයිට් ගහගෙන කාර් එකක් ආවා. VIP ලයිටුත් දාගෙන ආවේ. පොලීසියේ අය කාර් එකේ ආවේ. මමයි තව කට්ටියක් හිටියා. අපි කිව්වා හෙඩ් ලයිට් ගහගෙන එන්න එපා ඩිම් කරගන්න කියලා. එතකොට අපිට සද්දෙ දාලා ගියා. මම මාළු වාඩියට ගියා. පොලිසියේ දෙන්නෙක් ආවා. එයාලා උඩප්පු පොලීසියේ අය. එක්කෙනක් මගේ කනට ගැහුවා.පපුවටත් ගැහුවා. මම ඇදගෙන වැටුණා. මොකටද ගහන්නේ කියලා ඇහුවාම අපිට පරුෂ වචනයෙන් බැන්නා.

පහරදීමෙන් තුවාල ලැබූ ප්‍රදේශවාසින් දෙදෙනෙකු උඩප්පුව ග්‍රාමීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු හලාවත මහ රෝහලට මාරුකර යවා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ සිද්ධියෙන් පසු පොලිස් නිලධාරියාද උඩප්පුව රෝහලට ඇතුළත් වී ඇති බවය.

ප්‍රදේශවාසීන් පොලීසියෙන් ඉල්ලා සිටින්නේ බිමතින් අශෝභනව හැසිරුණු පොලිස් නිලධාරියා ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන ලෙසය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago