ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එය සියයට 33.3ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි.
මහජන උපයෝගීතා කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.
ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමීමට කටයුතු කර ඇත.
එසේම ඒකක 60ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.