මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අලුත් වෙයි – ස්වංක්‍රීය දුරකතන පද්ධතිය සහ වෙබ් අඩවිය ජනසතු කරයි !

2.7k Views
1 Min Read

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

සියලු දිස්ත්‍රික් කාර්යාල හරහා සේවා ලබාගැනීමේදීත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසනවා.

අද සිට ආරම්භ වන නව ක්‍රමවේදය පිළිබඳව අදහස් පළ කළ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා,

“සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමන්ට අදාළ වේලාවක් අදාළ දිනය තුළ වෙන්කරගෙන කාර්ය සඳහා පැමිණීම අනිවාර්යයි. මීට ප්‍රථම ක්‍රියාත්මක වුණා කොවිඩ් කාලේ. මේකෙදි පුළුවන් ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා 2 117 116 කියලා. ඒක ස්වයංක්‍රීයව භාෂා තුනෙන්ම ඔබට අවශ්‍ය සේවාව ලබාදෙනවා….”ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වා දීලා තියෙනවා. https://dmtappointments.dmt.gov.lk/ වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීමේ පහසුකම තියෙනවා. මෙයට දැනගත යුතු ප්‍රධානම දේ වන්නේ සේවාවන් ලබාගැනීමට නියමිත වේලාවන් තුළ ඇවිත් සේවාවන් ලබාගැනීමයි.”

Share This Article
Leave a comment