Local

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දුවට පහරදී ආණ්ඩුකාර පුතා පැන ගිහින් !

කොළඹ 6 හැව්ලොක් පාරේ නිවසකට බලහත්කාරයෙන් කඩාවැදී කෝටිපති ව්‍යාපාරිකයකුගේ දියණියකට පහර දී මරණීය තර්ජනය‍ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පළාත් ආණ්ඩුකාරවරයකුගේ පුතකු අත්අඩංගුවට ගැනීමට යාල ප්‍රදේශයේ සංචාරක හෝටලය වැටලූ අවස්ථාවේ දී සැකකරු පලාගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

සැකකරුගේ සුඛෝපභෝගී ජීප් රථය සහ ජංගම දුරකනය එහිදී පොලිස් බාරයට ගෙන ඇත.පහර කෑමට ලක්වූ එම කාන්තාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී. ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි 34 හැවිරිදි කාන්තාවක කළ පැමිණිල්ලක් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ගත් බව පොලිසිය කියයි.

සැකකරු කතරගම ප්‍රදේශයට ගොස් සිටින බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලූ අවස්ථාවේදී ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් එහි රථ ගාලේ තිබී ඔහුගේ සුඛෝපභෝගී ජීප් රථය හා ඒ තුළ තිබූ ජංගම දුරකතනය පොලිස් බාරයට ගෙන ඇත. දෙදෙනා අතර කිසියම් අමනාපයක් මෙම සිද්ධියට මුල්වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

12 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

13 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago