Local

යුක්තිය ගැන ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි රැසක් – පොලිස් නිලධාරින් වැඳ සමාව ගනියි !

මත්ද්‍රව්‍ය මර්දන කිරීම සඳහා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.

මෙරට පළ වන ජාතික පුවත්පතක් විසින් මේ බව අනාවරණ කළා.

ඇතැම් පොලිස් නිලධාරීන් හරහා දරුවන්ට සිදුවන යම් යම් හිංසන සිදු වන බවටයි පැමිණිලි සිදු කර ඇත්තේ.

ඒ අනුව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ද දැනුම්වත් කර ඇති බව සඳහන්. අනතුරුව ඇතැම් ස්ථානාධිපතිවරුන්ට ඍජුව අවවාද කර කළ බවයි අදාළ පුවතෙහි දැක්වෙන්‌නේ.

ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී දරුවන්ට පහරදීම්, බිය වැද්දීම් සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඇතැම් අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පොලිසිය වැඳ සමාව ගනියි

මේ අතර කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (01) අභියාචනාධිකරණය හමුවේ වැඳ සමාව ඉල්ලා තිබෙනවා. ඒ, ඔවුන්ට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබූ පාර්ශ්වයකින්.

පෞද්ගලික සමාගමක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් ඊයේ දිනයේ දී විභාගයට ගෙන තිබුණා.

සමාගමේ නීතීඥවරයා සඳහන් කළේ කොල්ලුපිටිය පොලිසියයේ ආයුධ සන්නද්ධ පිරිසක් තම ආයතනයේ විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර පුද්ගලයෙකු රඳවාගෙන සිටින බවට ලද පැමිණිල්ල මත එම ස්ථානයට කඩා වැදුණු බවයි.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් කලහකාරී ලෙස හැසිරුණු බවටත් මෙම පැමිණිලිකරුවන් චෝදනා කර තිබුණා.

පොලිසියට පාතාලය මෙන් ක්‍රියා කළ නොහැකි බවයි අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලාෆාර් මහතා එහි දී විවෘත අධිකරණයේ ප්‍රකාශ කළ බව සඳහන්.

අනතුරුව කොල්ලුපිටිය පොලිසියේ පෙත්සම්කාර පාර්ශ්වයෙන් නියෝජිතයින්ගෙන් විවෘත අධිකරණයේ සමාව ගැනීමෙන් පසු නඩු විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago