මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළා.
ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දු ලබා දෙනු ලැබුවා.
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන ඊට ඇතුළත් නොකිරීම හේතුවෙන් එය නීත්‍යානුකූලව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…