සෙවණගල සීනි කම්හලේ කාපට් මැෂින් දෙකක් සොරකම් කර පරණ යකඩ වලට විකුණා තිබෙනවා.
මෙම මැෂින් දෙක කම්හලේ වෘත්තිය සමිති නායකයෙකු බව කියන පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇඹිලිපිටියේ පිහිටි පරණ යකඩ බඩු මිලට ගන්නා ස්ථානයකට විකුණා ඇති බවයි වාර්තා වන්නේ.
සීනි කම්හලේ මැෂින් දෙක සොරකම් කර රුපියල් 535,000ක මුදලකට විකුණා තිබෙන බව එම ආයතනයේ ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.
එම මැෂින් දෙක ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රියදුරුද, චෝදනා ලබා සිටින වෘත්තීය සමිති නායකයාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව සෙවණගල පොලීසිය ප්‍රකාශ කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීනි කම්හලේ පරිපාලනයද විමර්ශනයක් සිදු කරන බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…