කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකයට මුද්‍රා තබා තිබෙනවා.
ඒ, විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රුධිර කාන්දු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මිය යාම හේතුවෙන් එම ඒකකයට තාවකාලිකව මුද්‍රා තැබීමට කටයුතු කළ බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
රුධිර කාන්දුකරණය සඳහා ලබා දෙන රසායනික ද්‍රව්‍යයක බලපෑම ඊට හේතුවන බවට නිලධාරින් සැක කරනවා.
සතියක පමණ කාලයක සිට මේ වන තෙක් රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් වූ රෝගීන් පස් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ සංඛ්‍යාවක පවතින බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම මරණවලට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණ වී නැහැ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…