Cricket

ක්‍රිකට් නිසා දඹුල්ල උණුසුම් වෙයි – ගේට්ටුත් කඩාගෙන ක්‍රිකට් ලෝලීන් ඇතුළට !

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර 20-20 තරගය අද (19) රාත්‍රි 7ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.

අද උදෑසන සිට දඹුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලය අසල විශාල පිරිසක් එක්ව සිටි අතර ඒ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ අරමුණින්. ඒ තරග පැවැත්වෙන දිනයන්හී ප්‍රවේශපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගත හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබූ පසුබිමකයි.

නමුත් අද සහ අනිද්දා තරගයේ සියලු ප්‍රවේශපත්‍ර මේ වනවිට අලෙවි වී අවසන් ඇති බව ක්‍රිකට් ආයතනය ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කලා. එහෙත් මහජනතාව දඹුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලය අසලට ප්‍රවේශපත් සොයා එක් වීමත් සමග එහි උණුසුම් තත්වයක් මතුවුණා.

එහිදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටු කඩාගෙන මහජනතාව ප්‍රදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණීමත් සමගින්. කෙසේ වෙතතත් මෙම තත්ත්වය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන්ට හැකියාවක් ලැබුනේ නෑ.

කෙසේ වෙතත් මහජනතව අදහස් දක්වමින් චෝදනා කරන්නේ ඇතැම් පුද්ගලයන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රුපියල් 200 ප්‍රවේශපත් මිලදී ගෙන පිටතදී එය රුපියල් 1000ක මිලකට විකුණන බවයි.

Team CNF

View Comments

  • බොරුවට ටිකට් හිගයක් පෙන්වලා මුන් බලන්නේ තාම රටේ ගොන්නු ඉන්නවද කියලා.සoතෝසයි කියන්ට.තව ඉන්නවා.

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago