Local

ඩිල්ෂාන්ගේ වාර්තාව මොහොමඩ් නබී​ට – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට!

නවතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්තානයේ මොහොමඩ් නබී (ශ්‍රේණිගත ලකුණූ 314) සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින තරගාවලියේ දී දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමිනුයි.

මෙතෙක් එහි පළමු ස්ථානයේ රැදී සිටි බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්ට (ශ්‍රේණිගත ලකුණු 310) මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ශකිබ් අල් හසාන් දින 1,739 ක කාලයක් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ රැක ගැනීමට සමත්ව තිබුණා.(2019 වසරේ මැයි 7 වැනිදා සිට)

මොහමඩ් නබීගේ වයස මේ වන විට අවුරුදු 39 යි මාස එකක් වන අතර, ඒ අනුව ඔහු ඉතිහාසගත වූයේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ හිමි කර ගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් 2015 වසරේ ජූනි මාසයේ දී එහි පෙරමුණට පත් වීමේ දී ඩිල්ෂාන්ගේ වයස සටහන්ව තිබුණේ අවුරුදු 38 යි මාස 8 ක් ලෙසයි.

ඒ අනුව මෙතෙක් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණේ ඩිල්ෂාන් විසිනුයි.මේ අතර, නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 26 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත්ව සිටිනවා.

ඩිල්ෂාන් මදුෂංක 33 වැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ස්ථාන 4 කින් ඉදිරියට පැමිණෙමින්.එමෙන්ම එක්දින පිතිකරුවන් අතර 15 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණීමට චරිත් අසලංක සමත්ව ඇති අතර, පැතුම් නිස්සංක 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 10කින්.

සධීර සමරවික්‍රම ද 41 වැනි ස්ථානය දක්වා ස්ථාන ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago