Local

ප්‍රේමය මඟහැරි පෙම්වතාට පෙම්වතියගෙන් පිහි ප්‍රහාරයක් !

වසර ගණනක ප්‍රේමය මඟහැරීමට උත්සාහ කළ 22 හැවිරිදි පෙම්වතාට පිහිපහරක් එල්ල කළ 19 හැවිරිදි පෙම්වතිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

ඇය ගම්පොළ නගරයේ මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි.

එහෙත් කාලයක් ගිය පසු අදාළ තරුණයා ඇයව අත්හරින බවක් ඇයට දැනීමත් සමග ඒ පිළිබඳ ඇය ඔහුගෙන් විමසා සිටියද ඔහුගේ තීන්දුව වෙනස්‍ නොවන බව දැනගත් ඇය ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද මුහුණු පොතේ පළ කිරීමට කටයුතු යොදා ඇත්තේ ඔහුට වෙනත් පෙම් සබඳතාවක් පවත්වාගෙන යා නොහැකි වන අයුරින්ය.

මෙයින් කිපී ඇති තරුණයා එම ඡායාරූප මුහුණු පොතෙන් ඉවත් කරන ලෙස දන්වා ඇයට පහරදී ඇති අතර මේ පිළිබඳ ඇගේ මව හා සහෝදරයාද දැනගෙන සිද්ධියට මැදිහත්වී තිබේ.

ඒ අනුව තරුණියගේ මව හා සොයුරා මෙම තරුණයා ව්‍යාපාර කරන ගම්පොළ පොදු වෙළෙඳ පොළ වෙත පැමිණ ඒ පිළිබඳව විමසා ඇති අතර එහිදී අදාළ තරුණයා පෙම්වතියගේ සොහොයුරාට පහර දී තිබේ.

එහිදී මව විසින් පහර කෑ පුතා රෝහලට රැගෙන ගොස් ඇති අතර තරුණිය සඟවාගෙන සිටි පිහියක් රැගෙන පෙම්වතාට පහර එල්ල කර ඇත.

එයින් තුවාල ලැබූ පෙම්වතා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වෙළෙඳසැල අසල සිටි‍ අනෙකුත් පිරිස මෙම තරුණිය මෙල්ල කර පසුව ඇය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago