Local

ඊයේ දිනය තුළ වෙඩි තැබීම් 03යි – වෙඩි තබා ඝාතනය කිරීම් 02යි !

ඊයේ දිනය තුළ වෙඩි තැබීම් තුනක් සහ එම වෙඩි තැබීම්වලින් සිදුවුන පුද්ගල ඝාතන දෙකක් වාර්තා වී තිබේ. පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි ගිනි අවිය උදුරාගෙන ඔහුටම සිදුකළ වෙඩි තැබීමකින් අනතුරුව ගිනි අවියද රැගෙන පලා ගිය සිද්ධියක් මින් එක් සිදුවීමක් අතර වේ.

මීගමුව, ගල්කන්ද හංදිය ආසන්නයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 7 ට පමණ මෙලෙස ඝාතනය කර ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ස්කූටරයකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ(10) මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ. වෙඩි තබා ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකිනි. . ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර ඊයේ (10) සවස මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි සෙම්බුකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු දිය නෑම සඳහා වැවට ගොස් ආපසු එමින් සිටිය දී සැකකරු විසින් සැඟව සිට මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. ඝාතකයා මහකුඹුක්කඩවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ ඝාතනය ඉඩම් ආරවුලක් මුල් කරගෙන සිදුවී ඇතැයි හෙළි වී ඇත.

මේ අතර රාත්‍රී මුර සංචාරය අතරතුර ඊයේ අළුයම ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය මල්වතුහිරිපිටිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අතර සිටි සැරයන්වරයෙකුගේ රාජකාරි ගිනි අවිය උදුරාගෙන ඔහුට වෙඩි තැබූ ත්‍රී රෝද රථයේ රියදුරෙක් සැරයන් වරයාගේ ගිනි අවියත් උදුරාගෙන පලා ගොස් ඇත.

අදාළ පොලිස් සැරයන්වරයාගේ වම් ඇස ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහුව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago