මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක ළිඳක් තුළ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.
අද (10) උදෑසන එම සිරුර සොයා ගෙන තිබේ.
මෙය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.
මියගොස් ඇත්තේ, 29 හැවිරිදි එක්දරු මවකි.
මෙම කාන්තාව මීට දින 11කට පෙර සිය දරු උපත සිදුකර ඊයේ දින රෝහලේ සිට නිවස වෙත පැමිණ තිබුණි.
නිවසේ සිටි සියලුදෙනා නින්දට ගොස් ඇති අවස්ථාවේදී මෙම කාන්තාව නිවසෙන් පිටතට ගොස් ඇති අතර ඇය යළි නිවස වෙත නොපැමිණීම හේතුවෙන් පවුලේ අය සහ ප්‍රදේශවාසීන් එක්වී ඇයව සොයා තිබුණි.
පසුව අද උදෑසන අදාළ කාන්තාවගේ සිරුර නිවස අසල තිබූ ළිඳ තුළ තිබී හමුවුණි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…