Local

කෝවිල හදන්න බැතිමතුන්ගෙන් එකතු කළ කෝටි පහ අරන් පූසාරියා අතුරුදහන් !

යාපනයේ කොකුවිල් පොල්පති පිල්ලයාර් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විදේශ රටවල සිට එවන ලද රුපියල් කෝටි පහකට වැඩි මුදලක් රැගෙන ඒ කෝවිලේ පූසාරියා දින කීපයක සිට අතුරුදහන්ව ඇතැයි කොකුවිල් ප්‍රදේශවාසීහු පැවසූහ.
එම පැරණි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමට කෝවිල් බාරකාර මණ්ඩලය තීරණය කිරීමෙන් පසුව පූසාරියා ඒ බව විදේශ රටවල සිටින හින්දු බැතිමතුන්ට හා හින්දු සංගම් වලට දැනුම් දී තිබේ.

මෙම කෝවිල ඉතා ප්‍රසිද්ධ කෝවිලක් බැවින් විදෙස් රටවල සිටින පිරිස් රුපියල් ලක්ෂ ගණනින් මුදල් පූසාරියා වෙත එවා තිබේ.

පූසාරියා නැකැත් බලා එම කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට ඇත්තේ කෝවිලේ විශාල බිත්ති කීපයක්ද කඩා දමමිනි.

ප්‍රතිසංස්කරණ කටයුවලට සහභාගී වූ පිරිසට එදිනට මුදල් ගෙවූ පූසාරීවරයා පසුදින සිට අතුරුදහන්ව සිටින අතර ඔහුගේ ජංගම දුරකතන දෙකද ක්‍රියා විරහිත කොට ඇති බව ගම්වැසියෝ ප්‍රකාශ කලහ.

Team CNF

Recent Posts

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

26 minutes ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

34 minutes ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

40 minutes ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

14 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

14 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago