බන්ධනාගාරගතව සිටින ප්‍රභූ පුද්ගලයන්ට බන්ධනාගාර රෝහල තුළ ජීවිතය සතුටින් ගතකිරීමට වැලිකඩ බන්ධනාගාරය භාර වෛද්‍ය නිලධාරිනිය ඉඩ ලබාදී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.
එම වෛද්‍ය නිලධාරිනියගේ බලතල අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගටම පැමිණිලි කළද බලධාරීන් මුනිවත රකින බව සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඩේලි මිරර් වෙත පවසා ඇත.
“මෙම වෛද්‍ය නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා ප්‍රභූවරුන්ට පමණක් නොව සිරගත කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටද බන්ධනාගාර රෝහල තුළ සුවපහසු ලෙස රැඳී සිටීමට ඉඩ ලැබී තිබෙනවා” ඔහු පවසයි.
මේ තත්ත්වය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිටින සැබෑ රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බව හෙතෙම පෙන්වාදෙයි.
මීට අමතරව, මානව හිමිකම් කවුන්සිලයට සහ තවත් පාර්ශව කිහිපයකට පැමිණිලි ඉදිරිපත් කර ඇති නමුත් තවමත් වෛද්‍යවරියට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔහු සඳහන් කරයි.
ඉහත කී වෛද්‍යවරිය ප්‍රධාන වෛද්‍ය නිලධාරියා යන මුද්‍රාව යටතේ සේවයට පැමිණ ඇති බවත්, වසර පහකට අධික කාලයක් එහි සේවය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී ඇති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…