මේ වසරේදී ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා
දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ජනාධිපතිවරණය හා මහ මැතිරණය පැවැත්වීම සඳහා 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තුවෙන් වෙන්කර ඇති මැතිවරණ සඳහා වන රුපියල් බිලියන 10යෙන් මුදල් කළමනාකරණය කර ගැනීමට සිදුවන බවට ද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාළව අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව ලබාදී ඇත්තේ, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මත පදනම්වයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් 2025 වසර සඳහා වන අයවැය මගින් ලබාදීමට සිදුවන බවට අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්ව ඇති බවයි.
කෙසේ වුව ද එම මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව, අවශ්‍ය වන්නේ නම් අදාළ මැතිවරණ නීති සංශෝධනය සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බව ද අමාත්‍ය මණ්ඩලය වැඩිදුරටත් සැලකිල්ලට ලක්කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…