අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක් සඳහා මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේ පාරිභෝගිකයාට වඩා ලාභදායි ලෙස වෙළදුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස මෙම පියවර ගත් බවයි.
මෙලෙස උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කර ඇත්තේ වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන භාණ්ඩවලයි.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 870 කටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 265 කටත්, ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 900 කටත්, ලොකු ලූණු කිලෝවක් රුපියල් 320 කටත් තොග ලෙස අලෙවි කරනු ඇති.
මීට අමතරව, අර්තාපල් කිලෝවකට රුපියල් 120 ක සහ පරිප්පු කිලෝවක රුපියල් 295 ක තොග මිලක් ප්‍රසිද්ධ කිරීමටයි පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…