සති තුනක් තුළ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව සලසා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ වෙත දැනුම් දුන්නාය.
2022 අගෝස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති සැකකාර රඹුක්වැල්ල නමැත්තා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම ඖෂධ සැපයීමේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ අභිලාෂයන් කැඳවමින් ඖෂධ කැඳවීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමතිවරයාගේ උපදෙස් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව ඔහු කැබිනට් මණ්ඩලයට මෙම බොරු භීතිය මවා පා ඇතැයිද කීවාය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගෙන ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගම 2022 වර්ෂයේ සිට සපයා ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කිරීමටද නියම කළ මහෙස්ත්‍රාත්වරිය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ශරීරගත කිරීමෙන් පසු රෝගීන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙන්ම ඉන් මහජනතාවට වූ අගතිය සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කර සුදුසු පියවර ගන්නා ලෙසද වැඩිදුරටත් නියම කළාය. (ලංකාදීප)
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…