News

ඉම්රාන් සහ බුෂ්රා බබීගේ කසාදය ඉස්ලාම් නීතිය උල්ලංඝනය කිරීමක් – දෙදෙනාම අවුරුදු 07ක් හිරේට !

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය බුෂ්රා බීබී අතර වර්ෂ 2018 දි සිදුවූ විවාහය ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කළ බවට තීන්දු කරමින් ඔවුන් දෙදෙනාට වසර හතක නව සිර දඬුවමක් පැනවීමට පකිස්ථානයේ අධිකරණයක් නියෝග කර තිබේ.
ඊයේ (03) මෙම තීන්දුව ප්‍රකාශ කර තිබුණේ ඛාන් සිරගත කර සිටින රාවල්පින්ඩි නගරයේ අඩියාලා බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති සිවිල් අධිකරණයේ දී ය. ඛාන් සහ බිරිය ඉදිරියේ දඬුවම ප්‍රකාශයට පත් කළ අධිකරණය ඔවුන්ට රුපියල් මිලියනයක (ඩොලර් 3,560) දඩයක් ද නියම කළේය.

මෙම නඩුව පසුගිය වසරේ දී පනවා තිබුණේ බුෂ්රා බීබී ගේ පෙර සැමියා වූ ඛාවර් මෙනේකා විසිනි. ඛාන් සමඟ විවාහ වීමට පෙර තමන්ගෙන් දික්කසාද වූ බිරිය ඉස්ලාමීය නීතිය යටතේ අවශ්‍ය මාස තුනක විවේකය අනුගමනය නොකළ බවට චෝදනා කරමින් ඔහු මෙම යුවළට එරෙහිව උක්ත නඩුව ගොනු කර තිබිණි.

2017 නොවැම්බරයේදී ඔහු තම බිරිය දික්කසාද කළ බව මනේකා ප්‍රකාශ කරයි. ඛාන් 2018 පෙබරවාරි මාසයේදී බිබී සමඟ ඔහුගේ තෙවැනි විවාහය නිවේදනය කළේ ඔහු අගමැති වීමට මාස කිහිපයකට පෙරය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago