Local

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්​ල 15 තෙක් රිමාන්ඩ්!

ඊයේ (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අද (3) අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අද (03) නියෝග කළාය.

දැනට පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වූ කෙහෙළිය​‍ රඹුක්වැල්ල මෙම එන්නත් අපරාධය සම්බන්ධ කෙරෙන පුළුල් විමර්ශනවල දී මෙතෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ ඉහළම නිලධාරියා කෙහෙලිය රඹුක්වැල්ලය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව රඹුක්වැල්ල ඊයේ පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පසු පැය 10ක් පුරා දීර්ඝ කටඋත්තරයක් ගැනීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන අද මෙසේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

ඔහුට ගුවන් ගමන් තහනමක් නිකුත් කර ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට මාලිගාකන්ද අධිකරණය විසින් නියෝග කළේ ඇමතිවරයා හිතා මතාම බොරු කියා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තව ඉදිරියේ පෙනී සිටීම මගහැරිය පසුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා නොකිරීම හේතුවෙන් රඹුක්වැල්ලට විදේශ ගමන් තහනමක්ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් බ්‍රහස්පතින්දා පනවනු ලැබුවාය.

​‍ප්‍රශ්නගත එන්නත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ජනවාරි 30 වැනිදා රඹුක්වැල්ල රහස් පොලිසියට කැඳවා තිබූ නමුත් කොළඹ මහාධිකරණයේ නඩුවක් පවතින බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් තිබෙන බවත් පවසමින් ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා සාක්ෂි ලබාදුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ රැස්වීමට ඔහු සහභාගී වී නොමැති බවට විමර්ශනවලින් හෙළි වූ බවයි.

මේ වන විටත් එම අපරාධය සම්බන්ධයෙන්,

  • සෞඛ්‍ය අමාත්‍යාශංයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත,
  • එන්නත් තොගය සැපයූ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු,
  • වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,
  • වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්,
  • වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනංජය,
  • වෛද්‍ය සැපයුම් අංශයේ නියොජ්‍ය අධ්‍යක්ෂ එච්.බී හේරත් බන්ධනාගාරගතව ඇත.

ඔවුන් එළඹෙන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට අධිකරණය නියොග කළේය.

එමෙන්ම මෙම අපරාධ චෝදනා මත බන්ධනාගාරගතකර සිටි සැකකරුවෙකු වූ නඩුවේ 5 වන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබිණි.

මෙම ඖෂධ අපරාධය සම්බන්ධව ඉහළම නිලධාරීන්ගේ විභව මැදිහත්වීම් නොසලකා හරිමින් සිටින බවට මහජන පීඩනය සහ උත්සුකයන් වැඩිවෙමින් පැවතිද්දි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අත් අඩංගුවට ගැනුණි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago