Local

සෞඛ්‍ය අංශ වැඩ වර්ජනය ඇරඹේ !

සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් පසුගියදා අවස්ථා කිහිපයකදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වුණි.

එහිදි සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම්වලට එළඹීමට බලධාරීන් එකඟතාව පළ කළත් මේ දක්වාත් ඒ සඳහා විසඳුම් ලැබි නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ හේතුවෙන් අද පෙරවරු 6.30 සිට දිවයින පුරා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වන බව එම ව්‍යාපාරයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය.

කෙසේවෙතත් සමස්ත ලංකා හෙද සංගමය අදාළ වර්ජනය සඳහා එක් නොවන බව එහි සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි මහතා කියා සිටියේය.

මේ අතර අද දිනයේ ක්‍රියාත්මක වැඩවර්ජනය සාධාරණ හේතුවක් මත සිදුකරන වැඩ වර්ජනයක් නොවන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසීය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

2 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago