මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත කථානායකවරයා විසින් අනුමත කර ඇති අතර අදාළ පනත් කෙටුම්පත අද (01) සිට ක්‍රියාත්මක වෙනවා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමට නියමිතව තිබුණේ පසුගිය 27 වැනිදා වන අතර එය දින කිහිපයක් ප්‍රමාද කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ එම කෙටුම්පත පරීක්ෂා කිරීම සඳහා මේ වනවිට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.
කෙසේ වෙතත් කථානායකවරයා විසින් අද එම ඔන්ලයින් පනත් කෙටුම්පතට අත්සන් තබා තිබෙනවා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත දෙවන වර විවාදයට ගැනුනේ පසුගිය 23 වනදායි.
ඊට අදාළ ඡන්ද විමසීම ඊට පසුදින පැවති අතර, එය සම්මත වූයේ වැඩි ඡන්ද 46 කින්.
ඊට පක්ෂව ජන්ද 108 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ජන්ද සංඛ්‍යාව 62 ක් පමණයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…