Local

තරුණියක් සමූහ දූෂණයට ලක් කළ තැපැල් සේවකයෝ සිව්දෙනෙක් පොලිස් දැලේ !

මව සමගින් තැපැල් කාර්යාලයට පැමිණි විසි හය හැවිරිදි තරුණියක් තැපැල් සේවකයෙකුගේ නිවසකට ගෙන්වා රංචු ගැසී දූෂණයට ලක් කළැයි කියන තැපැල් සේවකයින් සිව්දෙනෙකු රුවන්වැල්ල පොලිසිය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල සහ ඉබුලාන තැපැල් කාර්යාලවල සේවය කරන තැපැල් සේවකයින් සිව්දෙනෙකි.

කන්නන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් පසුගිය සිකුරාදා මව සමඟින් රුවන්වැල්ල නගරයේ පිහිටි තැපැල් කාර්යාලයකට පැමිණ ඇත.

තැපැල් කාර්යාලයේදී ඔවුනට උපකාර කළ එහිම සේවකයකු වන 27 හැවිරිදි තරුණයෙකු උපකාරයක් අවශ්‍ය නම් කතා කරන්නැයි අදාළ තරුණියට දුරකථන අංකය ලබාදී ඇයගේද දුරකථන අංකය ලබාගෙන ඇත.

පසුව එම තරුණයා මෙම තරුණිය හා සුහදත්වයක් ඇති කරගනිමින්, තරුණිය කන්නන්තොට පිහිටි නිවස වෙත ගෙන්වා ගෙන දූෂණයට ලක්කර ඇත.

පසුව මොහු රුවන්වැල්ල සහ ඉබුලාන තැපැල් කාර්යාලවල සේවය කරන සිය මිතුරන් තිදෙනෙකුද නිවසට ගෙන්වාගෙන තිබේ.

අනතුරුව මොවුන් සිව්දෙනාම තරුණිය වරින් වර බලහත්කාරයෙන් දූෂණයට ලක්කර තිබෙන අතර ඇතිවූ බිය මත තරුණිය මේ බව කිසිවෙකුට හෝ පවසා නැත.

තරුණියගේ වැඩිමහල් සොහොයුරුට මේ ගැන පසුගිය 28 වැනිදා තොරතුරු අනාවරණය වී ඇත්තේ, තරුණිය දුරකථනයෙන් කතා කරමින් තැපැල් සේවකයාගේ නිවස දෙසට යන ආකාරය මිතුරෙකු දැක පැවසීමත් සමගය.

මේ අනුව වැඩිමහල් සොහොයුරා විසින් තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සිදුවූ සියල්ල පවසා ඇති අතර ඒ ගැන තරුණියගේ මව විසින් රුවන්වැල්ල පොලීසියට ද පැමිණිලි කර ඇත.

මේ අනුව තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමටත් ඇයව දූෂණයට ලක්කළැයි කියන තැපැල් සේවකයින් අත්අඩංගුවට ගැනීමටත් රුවන්වැල්ල පොලීසිය පෙරේදා කටයුතු කර ඇත.

Team CNF

View Comments

  • 🥱බූරු හරක් මුන්
    කෙල්ලෙක් එක්ක sex කරන්න ඕනි බලෙන් නෙවෙයි යකෝ ඒකිගෙ කැමැත්තෙන්😡

  • 🥱බූරු හරක් මුන්
    කෙල්ලෙක් එක්ක sex කරන්න ඕනි බලෙන් නෙවෙයි යකෝ ඒකිගෙ කැමැත්තෙන්😡

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago