Local

බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන් ගැන භයානක හෙළිදරව්වක් !

බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන් විශාල සංඛ්‍යාවක් ව්‍යාප්ත වී ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසනවා.

ඒ අනුව ලංකාවේ ලාදුරු රෝගීන් 1,550ක් වාර්තා වන විට එයින් 599ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත්, එනම් ලාදුරු රෝගී තත්ත්වයෙන් 40%ක්ම බස්නාහිර පළාතේ ඇති බවද වෛද්‍යවරිය සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ 315ක්ද, ගම්පහෙන් රෝගීන් 168ක් සහ කලුතරින් 116ක් වශයෙන් ලාදුරු රෝගීන් වාර්තා වී තිබෙන බවයි ඇය පැවසුවේ.

එමෙන්ම ලංකාවෙන්ම වාර්තා වන ළමා ලාදුරු රෝගීන් 173න් 69 දෙනෙකුම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් ඇය සඳහන් කළා.

කෙසේවෙතත් නිසි කලදී, එනම් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝගය වැළැක්වීමටත් ඇතිවන සංකූලතා අවම කරගැනීමටත් හැකිවන බවද ඇය පැවසුවා.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය මේ බව පැවසුවේ ජනවාරි 28ට යෙදෙන ලෝක ලාදුරු දිනයට සමගාමීව ලාදුරු තුරන් කිරීමට නව මංපෙත් නමින් පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

Team CNF

Recent Posts

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

3 hours ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

8 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

8 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

8 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

21 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

22 hours ago