Local

ශිරන්ති රාජපක්ෂගෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් 9ක පොල්ලක්

පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 07කට අධික බිලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් චෝදනා කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තවද, ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් 9ක බිලක් තියෙන බව ඔහු පවසනවා.

”ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් 9ක බිලක් තියෙනවා. අගොස්තු මාසයේ ඉඳලා මේ දක්වා ගෙවලා නෑ. අපි කංචනට කියනවා ශිරන්ති රාජපක්ෂගේ බිල කපලා එන්න ජනතාවගේ බිල කපන්න”

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් හා සේවකයින් පිරිසක් විදුලිබල මණ්ඩලය ඉදිරිපිට අද උදෑසන අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් සංවිධාන කර තිබුණා.

ඒ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, විදුලිබල පනත හා පසුගියදා පැවති උද්ඝෝෂණයකට සහභාගි වූ විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළකරමින්.

මෙම අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනට බැංකු, වරාය, තැපැල්, දුම්රිය, ටෙලිකොම් හා ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමිති රැසක නායකයින් එක්ව සිටියා.

මේ අතර, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතයි.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දෙනු ලැබුවා.

එහිදී ‍යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර, මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසමද සිය අදහස් එක් කරනු ඇති.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ අනතුරුව සති 03කින් පසු එම යෝජනාවලිය ජනතාවට ප්‍රසිද්ධ කිරීමට නියමිත බවයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago