පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 07කට අධික බිලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් චෝදනා කළා.
ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
තවද, ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් 9ක බිලක් තියෙන බව ඔහු පවසනවා.
”ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් 9ක බිලක් තියෙනවා. අගොස්තු මාසයේ ඉඳලා මේ දක්වා ගෙවලා නෑ. අපි කංචනට කියනවා ශිරන්ති රාජපක්ෂගේ බිල කපලා එන්න ජනතාවගේ බිල කපන්න”
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් හා සේවකයින් පිරිසක් විදුලිබල මණ්ඩලය ඉදිරිපිට අද උදෑසන අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් සංවිධාන කර තිබුණා.
ඒ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, විදුලිබල පනත හා පසුගියදා පැවති උද්ඝෝෂණයකට සහභාගි වූ විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළකරමින්.
මෙම අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනට බැංකු, වරාය, තැපැල්, දුම්රිය, ටෙලිකොම් හා ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමිති රැසක නායකයින් එක්ව සිටියා.
මේ අතර, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතයි.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දෙනු ලැබුවා.
එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර, මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසමද සිය අදහස් එක් කරනු ඇති.
මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ අනතුරුව සති 03කින් පසු එම යෝජනාවලිය ජනතාවට ප්‍රසිද්ධ කිරීමට නියමිත බවයි.