අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව පොලිසිය පවසයි.
අද පෙරවරු 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ආහාර ගැනීම සඳහා අදාල වෙළෙඳසැලට පැමිණි අවස්ථාවේ කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී වෙඩිවැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ‘අපේ ජනබල පක්ෂයේ’ නායක සමන් පෙරේරා නඩු කටයුත්තකට සහභාගී වීමට යන අතරතුරදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
වෙඩි වැදීමෙන් මියගිය සමන් පෙරේරා 2022 වසරේ ජූනි 05 වැනිදා තංගල්ලේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වසරේදී අගෝස්තු 24 වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
කෙසේ වෙතත් මෙම සිදුවීම සහ වෙඩිතැබීම අතර සම්බන්ධයක් පවතීද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
පොලිසිය මෙන්ම දකුණේ මිනිස්සු සමන් පෙරේරා දන්නේ රෝයල් බීච් සමන් යැයි කීවිටය. දකුණේ පාතාල කල්ලිවල නම් කියැවෙන විට ඒත් එක්කම කියැවෙන නාමයක් වන රෝයල් බීච් සමන්ගේ නම ඉදිරියේ ඇති චෝදනා ගණනද සුළුපටු නොවන බව පැවසේ.
රෝයල් බීච් සමන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන්නේ කොස්ගොඩ සුජීය. අවස්ථා කිහිපයක්ම සුජීගේ වෙඩි උණ්ඩ රෝයල් බීච් සමන් සොයාගෙනවිත් තිබුණේය. වරක් සමන්ගේ දිවි ගැලවෙන්නේ ඔහුට තැබූ වෙඩිල්ල විදේශිකයෙකුට වැදීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…