ඩෙංගු රෝගය සඳහා යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ නිවස අසල වූ බැංකුවකින් මුදල් ලබා ගැනීමට යමින් සිටි පුද්ගලයෙකු මහ පාරේ ඇද වැටී ඊයේ (19) මියගොස් තිබේ.
යාපනයේ අරියාලේ රාසතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා සින්ධුජන් (31) නමැති දෙදරු පියෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
ඔහු උණ රෝගයට මීට දින කීපයකට ඉහතදී ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී ඔහුට ඩෙංගු උණ රෝගය වැළදී ඇති බව තහවුරු වීමෙන් පසුව ඔහුට නේවාසීකව ප්‍රතිකාර කර තිබේ.
පසුව අද රෝහලෙන් නිදහස් කළ ඔහු නිවසට පැමිණ නිවස අසල වූ බැංකුවට පයින් යාමේදී මහපාරේ ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇත.
වහාම ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඊට පැය බාගයකට පමණ ඉහතදී ඔහු මියගොස් ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේදී මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමට නියමිතව ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…