අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක නතරව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් අද (18) අලුයම 3.00සිට සුලු සේවිකාවකට පහරදුන් බව කියන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හැර සමස්ථ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් රාජකාරිවලින් බැහැර වී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
විශේෂඥ වෛද්‍යවරයාගේ හැසිරීමට එරෙහිව ඊයේ (17) පස්වරුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ විරෝධතාවයක නිරත වූ සේවක පිරිස ඊයේ එම විරෝධතාවය නිමා කළහ.
අනතුරුව අද (18) උදෑසන ඇරඹි විරෝධතාවයට වෛද්‍යවරු හැර සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලය එක් වී ඇත්තේ විශේෂඥ වෛද්‍යවරයා අත් අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කරමිනි.
වෛද්‍ය කාර්ය මණ්ලයට විශේෂිත DAT දීමනාව ඉල්ලා සුළු සේවකයින් ද වර්ජනය කිරීම සම්බන්ධව සුළු සේවකයින් සහ වෛද්‍යවරයා අතර ඇති වූ බහින්බස් වීමක් සම්බන්ධව ඊයේ උදේ වාර්තා වී තිබිණි.
පසුව කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් විසින් මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා ද දැනුවත් කොට ඇති අතර සිද්ධිය සමථයකට පත්ව තිබිය දී පස්වරුවේ යළිත් විශේෂඥ වෛද්‍යවරයා සමග බහින්බස් වීමක් ඇති කරගත් සුළු සේවිකාවකට ඔහු පහර දී ඇත.
එම පහරදීමට එරෙහිව ඊයේ විරෝධතාවයක් ඇරඹූ කණිෂ්ට කාර්ය මණඩලයට මේ වනවිට සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයම සහයෝගය දක්වමින් ඇති අතර රෝහල් සේවා අඩාල වී තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…