Local

සාකච්ඡා අසාර්ථකයි – කෙසේ වෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තාවකාලිකව අවසන් !

DAT දීමනාව ඇතුළු තම ගැටලු සම්බන්ධයෙන් රජය සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

නමුත් සෞඛ්‍ය වෘත්තිය සමිති සංධානය විසින් රජයට සිය ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පිළිගත් බව සඳහන් කරන කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසුවේ, සිය ගැටලුව සඳහා තීරණක් ලබා දීමට ජනාධිපතිවරයා සිය සංචාරය අවසන් කොට යළි මෙරටට පැමිණෙන තුරු පැවති සාකච්ඡාවේ දී රජය පාශ්වය කල් ඉල්ලූ බවයි.

ඒ අනුව වර්ජනය හෙට උදේ 8ට තාවකාලිකව අත්හිටවුන, බව පවසන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, රෝගී පීඩාව අවමවන අන්දමේ සෞඛ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව කරගෙන යන බවයි.

මේ අතර විසඳුමක් නොලැබුණහොත් දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා 2024.01.18 දින සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් කැඳවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා ජීව වෛද්‍ය ඉංජිනේරු සේවය, පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන්,භෞත චිකිත්සකයින්, වෘත්තීය චිකිත්සකයින්, වාග් චිකිත්සකයින්, විකිරණ ප්‍රතිකාරවේදී, ශ්‍රවණවේදින් ඇතුළු සේවාවාන්ද, අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, ඖෂධ සංයෝජක, අක්ෂි තාක්ෂණවේදීන්, කීට විද්‍යා නිලධාරී, පාසැල් දන්ත චිකිත්සක, දන්ත කාර්මික ශිල්පි, විද්‍යුත් නිකර්පන රේඛණ ශිල්පීන්, විද්‍යුත් කන්තු රේඛණ ශිල්පීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ට අදාල සේවාවන්ද, සෞඛ්‍ය පරිපාලන නිලධාරී සේවය, ආහාර හා ඖෂධ පරීක්ෂක, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී, සැලසුම් හා වැඩසටහන් නිලධාරී යන සේවාවන්ද, සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව, සෞඛ්‍ය ගිලන්රථ රියදුරු සේවාව, සුළු සේවා පාලක, උපස්ථායක, අරක්කැම්, දුරකථන ක්‍රියාකරු, නිවාස පාලක, රසායනාගාර සේවා සහයක, සෞඛ්‍ය කාර්ය සහයක යන සේවාවන්ට අයත් වෘත්තීය සමිති 72ක් එක්ව සිටිනවා.

Team CNF

Share
Published by
Team CNF
Tags: DAT දීමනාවඅක්ෂි තාක්ෂණවේදීන්අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකඅරක්කැම්ආහාර හා ඖෂධ පරීක්ෂකඋපස්ථායකඖෂධ සංයෝජකඖෂධවේදීන්කීට විද්‍යා නිලධාරීදන්ත කාර්මික ශිල්පිදුරකථන ක්‍රියාකරුනිවාස පාලකපවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්පාසැල් දන්ත චිකිත්සකභෞත චිකිත්සකයින්මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීමහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ට අදාල සේවාවන්දරවී කුමුදේශ්රසායනාගාර සේවා සහයකවාග් චිකිත්සකයින්විකිරණ ප්‍රතිකාරවේදීවිකිරණ විද්‍යා තාක්ෂණවේදීන්විද්‍යුත් කන්තු රේඛණ ශිල්පීන්විද්‍යුත් නිකර්පන රේඛණ ශිල්පීන්වෘත්තීය චිකිත්සකයින්වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවෛද්‍ය රසායනාගාර විද්‍යාඥශ්‍රවණවේදින් ඇතුළු සේවාවාන්දසැලසුම් හා වැඩසටහන් නිලධාරී යන සේවාවන්දසුළු සේවා පාලකසෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාවසෞඛ්‍ය කාර්ය සහයකසෞඛ්‍ය ගිලන්රථ රියදුරු සේවාවසෞඛ්‍ය පරිපාලන නිලධාරී සේවයසෞඛ්‍ය වෘත්තිය සමිති සංධානය

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago