හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී ගැටුමකදී පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 42 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි.
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ හෝටලක ඊයේ (14) රාත්‍රී මල්වර මංගල්‍යයක් වෙනුවෙන් සාදයක් පවත්වා ඇත.
එම සාදයේ මත්පැන් පානය කරමින් සිටි දෙපිරිසක් අතර හටගත් බහින්බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබේ.
එවන් පසුබිමක පහරකෑමට ලක්වූ අයෙක් හෝටලයෙන් පිටතට පැමිණෙන ආකාරය අසල සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබිණි.
තැඹිලි පැහැති ඇඳුමෙන් සැරසී සිටින්නේ හෝටලය තුළදී පහරකෑමට ලක්වූ පුද්ගලයාය.
ඔහු හෝටලයෙන් පිටතට පැමිණ ඒ අසළ පිහිටි සිය නිවසට දිවගොස් තියුණු ආයුධයක් රැගෙන එනු ලබයි.
අනතුරුව එම තියුණු ආයුධයෙන් අනෙක් පාර්ශ්වයට පහරදීමට උත්සාහ කරයි.
එහිදී ඔහු ප්‍රතිප්‍රහාරයකට ලක්වන ආකාරයත් CCTV දර්ශනවල සටහන්ව තිබුණි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසීය විසින් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…