අයිස්ලන්ත ධීවර නගරයක් වන Grindavik හි ගිනිකඳු දෙකක සක්‍රීය වී ලවා ගලා ගොස් නිවාස ගිනිගෙන ඇති බව වාර්තා වනවා.
ඊයේ (14) අලුයම Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් ලාවා නගරයට කාන්දු වූ බවයි එරට වාර්තා පවසන්නේ.
නමුත් ඒ වන විට නගරයේ මුළු ජනගහනයම ඉවත් කර තිබී ඇති අතර, මෙම තත්ත්වය එහි ඉතිහාසයේ නරකම අවස්ථාව බව ඔප්පු වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ.
පසුගිය දෙසැම්බරයේ ගිනි කන්ද සක්‍රීය වීම ආරම්භ වූ අතර, ලාවා ගලා යාම පාලනය කිරීමට ගොඩ නගන ලද ආරක්ෂිත බැමි විනාශ කරමින් ලාවා ගලා යන බව සඳහන්.
ලාවා ගලායාමෙන් නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.
ජාතිය අමතමින් අයිස්ලන්ත ජනාධිපති ගුඩ්නි ජෝහැන්සන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සියලු දෙනා මේ අවස්ථාවෙදී විපතට පත් ජනතාවට සහය දැක්විය යුතු බවයි.
තත්වය සමනය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන නමුත් ඕනෑම දෙයක් සිදුවිය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.
මෙම ගිනිකඳු පද්ධතියේ දෙසැම්බර් පිපිරීමට පෙර ප්‍රබල භූමිකම්පා කම්පන ඇති වූ අතර, එතැන් සිට සති කිහිපය තුළ, මිනිසුන් 4,000 ක් පමණ වාසය කරන ග්‍රින්ඩාවික් වෙතින් ජනතාව ඉවත් කරමින් ගිනි කන්ද වටා තාප්ප ඉදි කෙරුනා.
අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ එම වට තාප්පය සමහර ස්ථානවලින් බිඳී ඇති අතර, එම නිසා ලාවා නගරයට කාන්දු වී එමඟින් නිවාස සහ ගොඩනැගිලි ගිනිබත් වී ඇති බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…