Local

පිට පිට බදු – වැට් බද්දට අමතරව තවත් බදු වර්ග 16ක් !

විවිධ භාණ්ඩ හා සේවා මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු වර්ග 16ක් අය කරමින් සිටින බව වාර්තා වනවා.

වැට් බද්දට අමතරව මෙම අය කිරීම් සිදු කෙරෙන බව සඳහන්.

වැට් බදු පැනවීම හේතුවෙන් බදු ක්‍රමය සරල වීම කෙසේ වෙතත් එය තවදුරටත් සංකීර්ණ වී ඇති බවයි, ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

ඇතැම් ක්ෂේත්‍රවලට වැට් බද්ද කිහිපවරක් වදින බව ද සඳහන්.

ඊට අමතර වශයෙන් එම භාණ්ඩවලට අයකරන වෙනත් සුවිශේෂ බදු ද අඛණ්ඩව අය කරනු ලබනවා.

සියයට 2.5ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද පසුගිය මාසය සඳහා විදුලි පෞද්ගලික සමාගම මගින් සියයට 5ක් අයකරගෙන ඇති බවටයි පාරිභෝගිකයන් චෝදනා කළේ.

පිරිවැටුම් බද්ද වරාය හා ගුවන් තොටුපොළ බද්ද, සමාජ ආරක්ෂණ බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, රේගු බද්ද, මුද්දර බද්ද, ටෙලිකොම් බද්ද ආදී බදු වර්ග රැසක් වැට් බද්ද සමග තවදුරටත් අය කෙරෙන බව සඳහන්.

මේ හේතුවෙන් ජනතාවට විශාල අසාධාරණයක් සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago