Cricket

ස්ත්‍රී දූෂණකට වරදකරු වූ ජාත්‍යන්ත​ර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසර 08ක සිර දඬුවමක්!

18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ නේපාලයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සංදීප් ලමිචේ​න් එරට අධිකරණයක් වසර අටක සිර දඬුවමක් නියම කර තිබේ.

සිර දඬුවමට එරෙහිව ඉහළ උසාවියේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතීඥවරයා ප්‍රකාශ කළේය.

23 හැවිරිදි සංදීප් ලමිචේ​න් නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංකේතයක් වි සිටියේය.

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්හි ප්‍රමුඛ පෙළේ විස්සයි20 ලීගවලට සහභාගී වූ හිමාලයානු රටේ එකම ක්‍රීඩකයා වූයේය.

මෙම පා දඟ පන්දු යවන්නාගේ පිටියේ සාර්ථකත්වය නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩා​වේ ගෞරවය ඉහළ නැංවී​ය.

2022 දී කත්මණ්ඩු හෝටලයක දී තරුණියක් දූෂණය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු ඇප මත නිදහස් වූයේය.

අනතුරුව ජාත්‍යන්තර තරඟාවලි සඳහා තරඟ කිරීමට නැවත සංචිතයට ද ඇතුළත් විය.

නැවත නැවතත් ප්‍රමාද වූ නඩු විභාගයකින් පසු පසුගිය මාසයේ සංදීප් ලමිචේ​න් ස්ත්‍රී දූෂණයට වැරදිකරු විය.

ඔහුගේ නීතීඥවරයා දඬුවම් නියම කිරීමට පෙර කියා සිටියේ ලැමිචනේ ඔහුට එල්ල වූ චෝදනාවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය.

කත්මණ්ඩු දිස්ත්‍රික් උසාවියේ නිලධාරි චන්ද්‍ර ප්‍රසාද් පාන්ති පැවසුවේ ලමිචනේ දඩයක් ලෙස ඩොලර් 3,770 ක් පමණ ගෙවිය යුතු බවත් වින්දිතයාට වෙනම වන්දියක් ගෙවිය යුතු බවත්ය.

අධිකරණයේ තීන්දුව ගැන අපට ගැටළු තිබෙනවා… අධිකරණය විසි​න් සංදීප් ලමිචේ​න් වැරදිකරුවෙකු බව ප්‍රකාශ කර තිබෙනවා. යුක්තිය සඳහා සන්දී ඉහළ උසාවියට ​​යනු ඇති.

නීතිඥ සරෝජ් ගිමිරේ බදාදා රොයිටර් පුවත් ඒජන්සියට පැවසීය.
Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago