Local

පොළොන්නරුව – මඩකලපුව මාර්ගය ජලයෙන් යට වෙයි – ගල්ලෑල්ල ප්‍රදේශයෙන් මාර්ගය නැවත දැනුම්දෙන තුරුවසා තැබීමට පියවර

පොළොන්නරුව – මඩකලපුව මාර්ගය ජලයෙන් යටවීමේ අවධානමක් ඇතිව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට ගල්ලෑල්ල පාළම අසලින් අඩියක පමණ ජල මට්ටමක් පොළොන්නරුව – මඩකලපුව මාර්ගය හරහා පවතින බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ගල්ලෑල්ල ප්‍රදේශයෙන් මාර්ගය නැවත දැනුම්දෙන තුරුවසා තැබීමට පියවර ගත් බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර මැණික් ගඟ පිටාර ගැලීමෙන් ඇතිවු ගංවතුර තත්ත්වයත් සමඟ යාල වනෝද්‍යානයේ තිස්සමහාරාම, පලටුපාන ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කළේ, සංචාරක බංගලා 06ක්ද මේ හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බවය.

මේ අතර බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය හාලිඇළ හතේ කණුව ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, ඊයේ (09) රාත්‍රී මාර්ගයට පස් කන්දක් නායයෑම හේතුවෙන් එය සම්පුර්ණයෙන් අවහිර වී ඇති බවය.

මාර්ගයට වැටී ඇති පස් ඉවත් ක්රීමේ කටයුතු අද (10) අලුයම 12.30ට පමණ නවතා දැමීමට කටයුතු කළ බව එම මධ්‍යස්ථානය පවසයි.

විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති හෙයින් අද දිනය තුළද එය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නොහැකි වනු ඇති බව සඳහන්ය.

විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවෙල ඇටැම්පිටිය මාර්ගය සහ දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගය භාවිත කළ හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට බදුල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත සිසුන් 300ක පමණ පිරිස පැමිණෙන බවට වාර්තා බව බව ද සඳහන්ය.

මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago