Local

“අවලෝකිතේශ්වර” නමින් කැළණියට පැමිණි බෝධිසත්වයා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් !

බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වන “අවලෝකිතේශ්වර’ නමින් පෙනී සිටින පුද්ගලයෙකු ගේ ක්‍රියා කලාපය මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අනාවරණයක් සිදු කළා.

ඒ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයී.

ඒ අනුව “අවලෝකිතේශ්වර“ ලෙස පෙනී සිටින පුද්ගලයා සිය කුඩා දරුවාද අපයෝජනයට ලක් කළ අයෙක් බවයි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසා සිටියේ.

එමෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පෙන්වා දුන්නේ මානසික විකෘතිතාවයෙන් පෙළෙන මෙවැනි පුද්ගලයින් වහාම මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.

මෙයා හරි අමුතු කෙනෙක්. 2024 ජනවාරි 1 වැනිදා තමයි මෙයා එන්නෙ.. සෞභාග්‍ය අරගෙනලූ එන්නෙ. මානසික විකෘතිතාවයන් ඇති මිනිසුන් මේ….. මේ මිනිස්සුන්ගේ පිටිපස්සෙ කවුද ඉන්නෙ? මේවායේ පදනම මොකද්ද? දේශනා කිහිපයක් අහලාම බලන්න… අපි දන්නවා පසුගිය දවස්වල මිනිස්සු දිවි නසාගත්තා, ආගමික අන්තවාදී දේශනා අහලා…’

මොහු තමන්ගේ දැරිය අපයෝජනය කරලා තමයි, අභිනිෂ්ක්‍රමණය කරන්නෙ… ඒ කතාවත් අහලා බලමු…. (හඬපටයක් ඉදිරිපත් කරයි…) මොහු පළමුවැනියට‌ කියනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශරීරය ගිනි දල්වා ගත්තා, කියලා. දෙවැනි කාරණය මොහු තමන්ගේ දරුවා අපයෝජනය කරලා ගෙදරින් පිටත් වෙනවා‍. මේක තමයි අභිනිෂ්ක්‍රමණය… මුලු රටක් ලෝකයක් ගළවන්න මොකද්ද කරලා තියෙන්නෙ.. තමන්ගේ දරුවා දූෂණය කරන එක. මොහුව ගෙදර ගෑනී ගෙදරින් පන්නලා තියනවා.

ඇත්තටම මොහු කවුද? 1979 තමයි ඔහු උපත ලබන්නෙ. මොහුට බිරිඳක් සහ දරුවෝ දෙන්නෙක් ඉන්නවා….’

මට තියෙන ප්‍රශ්නේ සංඝඅධිකරණය ඇයි බලාත්මක කරන්නෙ නැත්තෙ??? ඇයි අස්ගිරිය සහ මල්වතු නිහඬ…?

මේ සම්බන්ධව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දැක් වූ අදහස් පහතින්,

https://fb.watch/pu6F4VPqZZ/
Team CNF

View Comments

  • මේකට දාල තියෙන පිංතූර වලට අරගලයෙ අහුවෙච්ච චීවරධාරියා ගේ පින්තූරය එක් කලොත් ලොකු දෙයක් පෙනෙයි වගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago