සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු කථානායකවරයා වෙත සිය අස්වීමේ ලිපිය අද (09) පාර්ලිමේන්තුවේදී ලබා දී තිබෙනවා.
හෘද සාක්ෂියට එකඟව මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන්කර සිටියේ.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන්කළේ මෙවැනි අදහසක්.
මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඔබතුමාට, ලේකම්තුමියට ලබා දුන්නා. ඒක ගෞරවයෙන් පිළිගන්න කියලා ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ අද මම මේ කතා කරන විදිය, මන්ත්රීවරූ හැසිරෙන විදිය පටිගත වෙනවා. රෙකෝඩ් වෙනවා. හැබැයි ඔබතුමා නීත්‍යානුකූලව අවසර දීලා තියෙනවා මේ මයික් එකට කතා කළොත් විතරයි හැන්සාඩ් එකට ලියන්නේ කියලා. එක්තරා අවස්ථාවක මුහුණ දුන් අර්බුද හමුවේ
ජනතාවගේ පැත්තෙන් හිතලා මම මේ තීරණය ගත්තේ. ජනතාව හිතනවා මමත් වැරදි කාරයෙක් කියලා, හෘද සාක්ෂියට එකඟව මගේ දේශපාලන හැසිරීම ගැන මම දන්නවා. මගේ දරුවො ගැන හිතලා, ජනතාව එල්ල කරන සාපය ගැන හිතලා,මේ තීරණය ගත්තේ. ජනවරම පාර්ලිමේන්තුව ගොඩ නැගිය යුතුය යන බලපෑම මගේ තීන්දුව තුළ තියෙනවා. මම සතුටින් තමයි මෙම තීරණය ගන්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රීලනිප හිටපු විධායක…
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පළාත් මට්ටමින් සිදුකරන වර්ජනය අද දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට…
වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ ලැගුම් හලකදී වයස අවුරුදු 14 ක පාසල් දැරියකට මත්ද්‍රව්‍ය පොවා ඇයව සමූහ…
යාපනය කරවෙඩ්ඩි සිත්ති විනාගර් කෝවිලේ පූජකවරයකු කරවෙඩ්ඩි සංස්කෘතික නිලධාරීවරයාගේ නිල මුද්‍රාවට සමාන මුද්‍රාවක් ව්‍යාජ ලෙස…
දැනට රටේ සිටින දෙලක්ෂ අට දහසක් වූ හමුදාවේන් අඩකට වඩා අඩු කර වර්ෂ 2030 වන…
රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී…