ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා පොලීසියට බඳවාගෙන තිබෙනවා.
අදාළ ක්‍රීඩකයින් වෙනුවෙන් පත්වීමේ ලිපි ප්‍රධානය කිරීම කොළඹදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, වැබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙහිදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චාමර සිල්වාට සහ තවමත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන කුසල් ජනිත් පෙරේරාට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙස පත්වීම් හිමිවුණා.
නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා පොලිස් සේවයට බඳවා ගැණුනේ පොලිස් පරීක්ෂකවරුන් ලෙසයි.
මීට අමතරව ජාතික පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද මෙලෙස පොලිස් සේවයට බඳවා ගත්තා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…