මීටියාගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් බෙදාහැරීමේ ප්‍රබල සාමාජිකයකු වන ‘බබී’ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේ එම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් තොගයක් ද සොයාගත් බවයි.
ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම සැකකරු නිසා එම ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ලවී තිබූ බවයි.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි ඔට්ටු ඇල්ලීමේ ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ වෙනුවෙන් සැකකරුගේ නිවස වටා ආරක්ෂිත කැමරා පද්ධතියක් ද සවිකර තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිරීක්ෂණය කර තිබුණි.
ඊට අමතරව ඔත්තුකරුවන් ද යොදා ගනිමින් පොලීසියෙන් බේරීමට සැකකරු කලක සිට කටයුතු කර තිබූ බවද හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් 47 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීටියාගොඩ පොලීසියට භාරදී තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…